ආයුබෝවන්!

ග්‍රාම නිලධාරී
503 හිඹුටානා බටහිර

Top view of a calendar with a camera, glasses, and leaves on a pastel blue background.
Book an Appointment

Select your preferred option to receive our service.

“Booking an appointment is simple and convenient. Choose your preferred option and schedule a time that best suits you to receive our service without any delays. This ensures a smooth and hassle-free experience tailored to your needs.”

ආදරණීය පුරවැසියනි,

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ව්‍යවස්ථාපිත රාජකාරී ඉටුකිරීම,නීතිය හා සාමය ආරක්ෂා කිරීම,ග්‍රාමීය සංවර්ධනය සහ සුබසාධනය තුලින් කාර්යක්ෂමව හා සඵලදායීව කොට්ඨාශයේ ජන දිවිය නංවාලීම මාගේ මෙහෙවරයි! කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබගේ වටිනා කාලය ඉතුරු කරගැනීමටත්, කාර්යක්ෂම සහ හෘදයාංගම සේවයක් කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම වෙබ් අඩවිය ඔබ වෙත ඉදිරිපත් කරමි.

ස්තූතියි
ග්‍රාම නිලධාරිනි
කාංචනා සිරිවර්ධන

59d656a6 7fb0 47f5 b49e fe56881286d3

503 හිඹුටාන බටහිර

ග්‍රාම නිලධාරි විසින් සපයනු ලබන සේවාවන්

elitism
ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුලත් කිරීම

*ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.

*අදාල වර්ෂයේ පෙබරවාරි 01 දිනට වසමේ සාමාන්‍ය පදිංචිය.

*අදාල වර්ෂයේ ජනවාරි 31 දිනට වයස අවුරුදු 18 සම්පූණර් වීම.

*අලුතින් පදිංචියට පැමිණියේ නම් පෙර ලියාපදිංචි වසමේ ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් පදිංචිය හැර යාමේ ලිපිය.

*වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් තැනැත්තෙකු මෙරට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබාගත යුතු අතර එම සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුයි.

1746463598 election 6
ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කිරීමට

*මිය යෑම.

*පදිංචිය හැරයාම.

*අධිකරණ තීන්දුවක් මගින් වරදකරුවකු වූ ඇති අයෙක්.

*අධිකරණ මගින් නෙරපීම නියෝගයක් නිකුත් කර ඇති අයෙක්.

sri lanka prepares for nationwide rollout of biometric id cards with final delivery set for june
ජාතික හැඳුනුම්පත සාදාගැනීම

මුල්වරට ජාතික හැඳුනුම්පත සෑදීමට

සම්පූර්ණ කරන ලද අයදුම්පත

උප්පැන්න සහතිකයේ මුල් පිටපත

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගන්නා ලද ඡායාරූප රිසිට් පත

මුල්වරට හැඳුනුම්පත සෑදීමට ගාස්තුව රු 320/=

වයස අවුරුදු 16 ඉක්මවූ අයෙක් නම් රු 2500/= ක දඩ මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ලබාගන්නා ලද රිසිට් පත

e passport and e nic sri lanka
ජාතික හැඳුනුම්පත සාදාගැනීම

හැඳුනුම්පත සංශෝධනය කිරීමට

සම්පූර්ණ කරන ලද අයදුම්පත

උප්පැන්න සහතිකයේ මුල් පිටපත

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගන්නා ලද ඡායාරූප රිසිට්පත

සංශෝධනය කල යුතු පැරණි හැඳුනුම්පත

සංශෝධිත හැඳුනුම්පත් ගාස්තුව රු 620/=

image a920291491
අස්ථානගත වූ හැඳුනුම්පත සාදාගැනීමට

සම්පූර්ණ කරන ලද අයදුම්පත

උප්පැන්න සහතිකයේ මුල් පිටපත

මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගන්නා ලද ඡායාරූප රිසිට්පත

මාස 06ක් ඇතුලත ලබාගන්නා පොලිස් පැමිණිලි පිටපත

හැඳුනුම්පත් අංකය භාවිතා කල බවට ලිඛිත සාක්ෂි ( රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය/ බැංකු පොත)

අස්ථානගත හැඳුනුම්පත් ගාස්තුව රු 1120/=

ලබාගන්නා ලද රිසිට් පත

ජාතික හැඳුනුම්පත ලබාගැනීමේදී එක්දින සේවා ගාස්තුව රු 2000/=

 

wood and axe in tre forest
කොස්/දෙල්/තල්/පොල් ගස් කපා හෙලීමට නිර්දේශ ලබාගැනීමට

ඔප්පුවේ මුල් පිටපත

සහතික කරන ලද ඔප්පුවේ ඡායා පිටපත

සහතික කරන ලද ඉඩමේ සැලැස්මේ පිටපත

ඉල්ලීමේ ලිපිය

සම්පූර්ණ කරන ලද අයදුම්පත

කපා හෙලන ලද ගස් වෙනුවට නව පැලයක් සිටුවීමට එකඟ වීමේ ලිපිය

ග්‍රාම නිලධාරී ක්ෂේත්‍ර පරීක්ෂණය

truck 6592338 1280
දැව / දැව භාණ්ඩ ප්‍රවාහනයට නිර්දේශ ලබාගැනීමට

ඉල්ලීමේ ලිපිය

දැව කැපුම් බලපත්‍රය

දැව මිලදීගත් බවට ලිඛිත සාක්ෂි

දැව ප්‍රවාහනය කිරීමට යොදාගැනීමට  අපේක්ෂා කරනු ලබන  ලොරි රථයේ තොරතුරු

ඔප්පුවේ මුල් පිටපත

සහතික කරන ලද ඔප්පුවේ ඡායා පිටපත

සහතික කරන ලද ඉඩමේ සැලැස්මේ පිටපත

සම්පූර්ණ කරන ලද අයදුම්පත

ග්‍රාම නිලධාරී ක්ෂේත්‍ර පරීක්ෂණය

 

about 1200x620
ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා

ග්‍රාම නිලධාරී ක්ෂේත්‍ර පරීක්ෂණය

ව්‍යාපාරයේ නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරීම

ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානයේ හිමිකම තහවුරු කිරීමේ ලේඛන( ඔප්පුව/ ලියාපදිංචි කරන ලද බදු ඔප්පුව)

සහතික කරන ලද ඔප්පුවේ/ලියාපදිංචි කරන ලද බදු ඔප්පුව ඡායා පිටපත

ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරන වෙළඳ බලපත්‍රය

පදිංචිය වෙනත් වසමක නම් පදිංචි සහතිකය

අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛන

සම්පූර්ණ කරන ලද අයදුම්පත ( දිවුරුම් ප්‍රකාශය සහිත)

ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළව පුහුණු පාඨමාලා වලින් නිකුත් කරන ලද සහතිකවල පිටපත්

ආහාර පාන සම්බන්ධ ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාව

image d1bb3e928d
ආදායම් සහතිකයක් ලබාගැනීමට

ව්‍යාපාරයක් නම් ව්‍යාපාර නාම ලේඛනය

කුලී පදනම මත ගොඩනැගිලි ලබාදී ඇත්නම් බදු ඔප්පු වල ජායාපිටපත

ලියාපදිංචි නොකල ව්‍යාපාරයක් නම් එය පවත්වාගෙන යනු ලබන බවට ලිඛිත සාක්ෂි ( වෙළඳ බලපත්‍රය වැනි)

startups company
වටිනාකම් සහතිකයක් ලබාගැනීමට

දින තුනක් තුල  ලබාගත් පත්තිරු

ඔප්පුව

ඉල්ලීමේ ලිපිය

1666083707 nwsdb increases new water supply connection fee l
නව ජල විදුලි සම්බන්ධතා ලබා ගැනීමට ගෘහ අංක නිර්දේශ කිරීමට

හිස් ඉඩමකට නව ජල සම්බන්ධතාවයක්  ලබාගැනීමට නම්

ඔප්පුවේ මුල් පිටපත සහ ඡායා පිටපත

අනුමත සැලැස්ම හා එහි ඡායා පිටපත

වරිපනම් ගෙවූ බිලක්

නිවස සෑදීමට පෙර මඩුවක් ඉදිකර තිබේනම් තාවකාලික ගෘහ අංකයක් ලබා දීම පහසුවක් වනු ඇත.

dji 0070 1 800x400
පදිංචි නිවසකට ජල විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

පදිංචි සහතිකය

ඔප්පුවේ මුල් පිටපත

වරිපනම් ගෙවු බිල

නිවසේ උඩුමහලට ජල විදුලිය ලබා ගැනීමට වෙනම ගෘහ අංකයක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම පහත මාලය සහ ඉහළ මාලය සම්බන්ධ වන ස්ථානය වෙන් කර වසා දැමිය යුතුය..

එසේම ඇනෙක්සියක් සඳහා වෙනම ගෘහ අංකයක් ලබාගැනීමට නම් නිවස සහ ඇනෙක්සිය වෙන්කර වසා සෑදිය යුතුය.

our human capital numbering 9000 possess a wealth of knowledge. home section
ජල විදුලි බිල්පත් වල නම සංශෝධනය කර ගැනීමට නම්

ඔප්පුවේ මුල් පිටපත සහ ඡායා පිටපත

වරිපනම් බිල

පදිංචි සහතිකය

whatsapp image 2024 04 22 at 08.13.45
වෙනත් සේවාවන්

ග්‍රාම නිලධාරීවරයා විසින් ප්‍රධාන සේවාකයන්ට අමතරව ප්‍රජා ගැටළු විසඳීම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම, ආධාර සහ අධාර බෙදාහැරීමේ කටයුතු, ජනතාවගේ ලේඛන සත්‍යාපනය, හා ආපදා කළමනාකරණයේදී සහාය ලබාදීම වැනි විවිධ වෙනත් සේවාවන් ද ඉටු කරනු ලබයි. මෙම සේවාවන් මඟින් ප්‍රජාවට ආරක්ෂිත හා කාර්යක්ෂම සේවා සැපයීමේ කාර්යභාරය ග්‍රාම නිලධාරියා විසින් ඉටු කරයි.

capture

ග්‍රාම නිලධාරී කාර්යාල දින

සඳුදා – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අඟහරුවාදා – කාර්යාල දින(පෙ.ව 8.30 සිට ප.ව 4.15)

බදාදා – ක්ෂේත්‍ර රාජකාරී

බ්‍රහස්පතින්දා – කාර්යාල දින (පෙ.ව 8.30 සිට ප.ව 4.15)

සිකුරාදා – විවේක දිනය

සෙනසුරාදා – කාර්යාල දින (පෙ.ව 8.30 සිට ප.ව.12.30)

ඉරිදා – ක්ෂේත්‍ර රාජකාරී

නිවාඩු සහ විවේක දින වැඩ බැලීම :

503 A මුල්ලේරියාව දකුණ ග්‍රාම නිලධාරී,චොංගම

ගයනි රේණුකා මහත්මිය

0718088628

ග්රාම නිලධාරී

503 හිඹුටාන බටහිර

බී.එල්.ජී කාංචනා සිරිවර්ධන

දුරකථන (whats app) –  0704855731